හයවැනි වතාවටත් දකුණු පළාත් අයෝමය ශූරයා සමීර
ගුවන් හමුදාවේ හා ගාල්ල ලක්මිණි ක‍්‍රීඩා සමාජයේ ක‍්‍රීඩකයකු වන සමීර ඩයස් වික‍්‍රමනායක පිට පිට හය වතාවක්ම දකුණු පළාත් අයෝමය ශූරයා ලෙස ජයග‍්‍රහණය ලැබීමට සමත් විය.
ලක්මිණි ක‍්‍රීඩා සමාජය වසර 2006 සිට මේ දක්වා අඛණ්ඩව පැවැති දකුණු පළාත් කායවර්ධන තරගාවලියේ ජයග‍්‍රහණය අඛණ්ඩව දිනා ගැනීමට සමත් වීම විශේෂ සිද්ධියකි.
2009 ජාතික මහා ක‍්‍රීඩා උළෙලේ කිලෝ ග‍්‍රෑම් 70 බර පන්තියේ අයෝමය ශූරයා ලෙසද, 2011 රාජපක්‍ෂ කුසලාන දකුණු පළාත් අයෝමය පුරුෂයා ලෙසද, 2011 රණවිරු අයෝමය පුරුෂයා ලෙසත් ඔහු තවත් ජයග‍්‍රහණ ගණනාවක් හිමිකරගෙන තිබේ.
පළාත් කායවර්ධන සංගමයේ ක‍්‍රීඩා උපදේශක ඩබ්.ඞී. වෙලින්ටන් සමරසිංහ, දකුණු පලාත් පුහුණුකාරිනී ඊ.වී.ජී. මැණිකේ චන්ද්‍රිකා යන මහත්ම මහත්මීහු සමීරගේ පුහුණුකරුවන් ලෙස කටයුතු කරති.

