ලංකා රජය වෙනුවෙන් යුරෝපා රටකට පත්ව ගිය ජාත්‍යන්තර නිලධාරියකු ඒ රටේදී දවසකට වේටර් වරයකු වූ පුවතක් වාර්ථා වේ. යුරෝපයේ පෞරාණික අග නගරයක පිහිටි කාර්යාලයකි. එම කාර්යාලයේ හිටපු නිලධාරියකුගේ ක්‍රියාවන් පිළිබඳව එරටේ ජිවත්වන ශ්‍රී ලාංකිකයෝ හොඳට දනිති.
ඔවුන්ගේ මතය අනුව හිටපු තානාපති මුදලට තරමක් කෑදරය. ලෝකයේ මිල අධිකම තේ කෝප්පය විකිණීමේ ගෞරවය ඔහු සතුය. සමාජ සුබසාධන කටයුත්තකට යැයි කියමින් තම නිල නිවසේ තේ පැන් සංග්‍රහයක් පැවැත්වීය.
එම තේ පැන් සංග්‍රහය සඳහා අග නගරයේ ජිවත්වන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රභූවරුන්ට ආරාධනා ලැබිණි. නිලධරයා ඔහුගේම අතින් පිරිනමන තේ කෝප්පයක රස බැලීමේ නොනිමි ආසාව ඔවුන්ටද තිබිණි.
එක් තේ කෝප්පයක මිල යුරෝ 50කි. එවක මිල අනුපාතය අනුව ලංකා මුදලින් රුපියල් 6000කි. පැමිණි විශාල පිරිස තේ පානයෙන් අනතුරුව තානාපති සමග සුහද සතුටු සාමිචියෙන් අනතුරුව විසිර ගියෝය. සමාජ සුබසාධන කටයුත්ත කුමක්දැයි, එකතු වූ මුදලට සිදුවුයේ කුමක්දැයි ඔවුහු අද වනතුරු නොදනිති.

