හයක් එක තැන මරුට


වාරියපොළ පොලිසිය අසල සිදු වූ රිය අනතුරකින් හය දෙනකු මියගිය බව වාරියපොළ රෝහල කියයි. කුඩා ලොරියක් ට‍්‍රක් රියක හැපීමෙන් සිදු වූ මේ අනතුරින් කුඩා ලොරියේ ගමන් කළ කාන්තාවන් දෙදෙනකු ද, ළදරුවකු ද, පිරිමින් තිදෙනකු ද මියගිය බව පොලිසිය තහවුරු කරයි. තුවාලකරුවෙක් ද රෝහලට ඇතුළු කරනු ලැබ සිටියි.