හය නැති කළාට පාරට බසී


ගල්ගමුව ඉහළ නාන්නේරිය විදුහලේ හය වැනි ශ්‍රේණිය ඉවත් කළැයි සිසුහු ද  දෙමාපියෝද  ගල්ගමුව පුත්තලම පාර හරස් කරමින් තෙපැයක් තිස්සේ උද්ඝෝෂණය කළහ.

මහව කළාප අධ්‍යක් ලක්ෂ්මන් හපුආරච්චි මහතා  උද්ඝෝෂකයන් සාකච්ඡාවකට කැදවාගැනීම නිසා පාරේ අවහිරය මග හැරිණි.

නවගත්තේගම රළපනාව විදුහලේද හය ශ්‍රේණිය ඉවත් කිරීමට විරෝධය දක්වමින්  සිසුහුද දෙමව්පියෝද පාසල ඉදිරිපිට නවගත්තේගම කරුවලගස්වැව ප්‍රධාන මාර්ගයේ  උද්ඝෝෂණය කිරීම නිසා ගමනා ගමනය අවහිර විය.