හමුදාවේ දෙදෙනෙක් බාර වෙති.


කරන්දෙනිය රෝහලේ දොස්තර ප‍්‍රියංකර ජයසිංහ ඝාතනය කළැයි සැකපිට ප‍්‍ර‍්‍රශ්න කිරීම සඳහා සොයමින් සිටි හමුදා භටයින් දෙදෙනකු අද සවස අඹේපුස්ස හමුදා කඳවුරෙන් රහස් පොලීසියට භාර දී ඇතැයි හමුදා ආරංචි මාර්ග කියයි. මේ දෙදෙනා යුධ හමුදා පොලීසියට බාරවී ඇතැයි දැනගන්නට ඇත. මොවුන් උතුරේ යාන්ත‍්‍රික ඉංජිනේරු බළකා කඳවුරක සිටි ඥාති සොයුරන් බවද දැන ගන්නට ඇත. දොස්තර ජයසිංහ ඔහුගේ ප‍්‍රතිකාර මධ්‍යස්ථානය ඉදිරිපිට වෙඩිතබා ඝාතනය කළ දෙදෙනා යතුරු පැදියකින් පැමිණි බව පොලීසිය කියයි.