හමුදාවේ තෙවැනි දරුවාට කෝටි 21ක් දීලා


ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ තුන්වැනි දරුවා වෙනුවෙන් 2079 දෙනකුට එක් අයකුට රුපියල් ලක්ෂය බැඟින්  ගිය වසරේ රුපියල් විසිකෝටි හැත්තෑ ලක්ෂයක් ගෙවා ඇතැයි එජාප මන්ත්‍රී රවි කරුණානායක මහතා ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තුවේ දී පැවැසීය. යුද හමුදාවේ 1250 දෙනෙක් ද, නාවික හමුදාවේ 329 දෙනෙක් ද, ගුවන් හමුදාවේ 500 දෙනෙක් ද, මේ විශේෂ දීමනාව ලදහ.