හමුදාවේ 1121ක් අත්අඩංගුවට


(ඉන්දිකා රාමනායක)

නිවාඩු නොලබා හමුදා සේවය හැරගොස් සිටින හමුදා සාමාජිකයින්  28000 ක් අත්අඩංගුවට ගැනීම සදහා ඉකුත් 24 වැනි දා සිට කළ මෙහෙයුම්වලින් හමුදා සාමාජිකයන් 1121 දෙනකු අත්අඩංගුවට  ගත්  බව හමුදා මාධ්‍ය ප‍්‍රකාශක මේජර් ජනරාල් රොෂාන් සෙනවිරත්න මහතා පවසයි.

මෙම පිරිස අතර නිලධාරියකු , කැඩෙට් නිලධාරියකු සහ කාන්තා සෙබළියන් 39 දෙනකු  සිටින බව හමුදා ප‍්‍රකාශකවරයා කීය.

නිවාඩු නොලබා හමුදා සේවය හැරගොස් සිටින්නන්ට බාර වීම  සදහා ඉකුත් ඔක්තෝබර් 23 වැනි දා සිට කි‍්‍රයාත්මක වූ මසක පොදු සමාකාලය ඉකුත් 23 වැනිදායින් අවසන් වු අතර එහිදී  බාර නොවු පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා 24 වැනි දා සිට රටපුරා මෙහෙයුම් ආරම්භ කෙරිණි.

මෙම මෙහෙයුම් තවදුරටත් කි‍්‍රයාත්මක බවද හමුදා ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.