හමුදා සෙබළු දෙදෙනා කතකගේ මරුවා පරදවති


(අතුල බණ්ඩාර)

අනුරාධපුර නුවරවැවට වැටී ගිලෙමින් සිටි තරුණ කතකගේ දිවි බේරාගැනීමට ඒ අසලින් ගමන් ගත් යුද හමුදා සෙබළු දෙදෙනෙක් අද සමත් වූහ.

කැකිරාවේ සිට සිය ආබාධිත පියා සමග අනුරාධපුර නුවර වැවේ සොරොව්ව අසලට ආ ආ මෙම කත පියා වැව්වේල්ල මත තබා වැවට පැන ඇති බවට සැකකරන බව පොලිසිය කියයි.

වැවේ සොරොව්ව දෙසට දිවගිය දියණිය දෙස බලමින් කිසිත් කර කියා ගත නොහැකිව අඬමින් සිටි ආබාධිත පියා දුටු අසලින් ගමන්ගත් යුද හමුදා සෙබළුන් දෙදෙනකු ඒ පිළිබඳව විමසා ඇත. ඒ අවස්ථාවේ දියණිය වැවේ සොරොව්ව දෙසට දිව ගොස් වැවට පණිනු දුටු බව පියා හමුදා සෙබළුන්ට පවසා ඇත.

වහා ක්‍රියාත්මක වූ හමුදා සෙබළුන් දෙදෙනා වැවේ ගිලෙමින් සිටි තරුණ කත මහත් පරීශ්‍රමයක් දරා ගොඩට ගෙන ප්‍රථමාධාර ලබාදීමෙන් පසු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි. ඇය සියදිවි නසාගැනීමට වැවට පැන ඇති බවට මූලික පරික්ෂණවලින් හෙළි වූ බව පොලිසිය කියයි.