(ඉන්දිකා රාමනායක)
දියතලාව යුද හමුදා විද්‍යාපීඨය තුළ බිත්තියකට යට වී හමුදා සෙබලෙකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙම හමුදා සෙබලා ඊයෙ (12) පස්වරුවේ එහි පැරණි ගොඩනැගිල්ලක බිත්තියක් කඩා ඉවත් කිරීමට යාමේදී එය කඩා වැටී ඇති බව පොලිසිය පවසයි.
සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ සෙබලා දියතලාව රෝහලෙන් බදුල්ල රෝහලට මාරුකර යවා ඇති අතර බදුල්ල රෝහලේ දී මිය ගොස් ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ මඩොල්සීම ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි සෙබළෙකි.

