හමුදා වෙසින් මෝල් හිමියන්ට ‘අනී‘


යුද හමුදාවට සහල් තොග සපයන්නන් ලියාපදිංචි කිරීමේ මුවාවෙන් ඊසි කෑෂ් ක්‍රමයට ලියා පදිංචි කිරීමේ ගාස්තු ලෙස සහල් මෝල් හිමියන්ගෙන් රුපියල් ලක්ෂ ගණනක් කළැයි කියන තරුණයෙක් (24) පොළොන්නරුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටී.

දිනකට රුපියල් 4000ක කුළියට ලබා ගත් වාහනයකින් ගොස් රජරට සහල්මෝල් හිමියන් හා ව්‍යාපාරිකයන් හමු වී ඔහු මේ වංචාව කර ඇතැයි ද, මීරිගම සහල් මෝල් හිමියකුගෙන් රුපියල් 18000ක් ඊසි කෑෂ් ක්‍රමයට ගෙන්වාගෙන ඇතැයි කියති.