විදේශ රටවල ආරක්ෂක ඇබෑර්තු සහ විදේශ රටවල රූගත කරන චිත්‍රපට සහ ටෙලි නාට්‍යවලට නළු නිළියන් අවශ්‍ය බව පවසා පුවත්පත්වල දැන්වීම් පළකොට රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා කර වැලිකඩ බන්ධනාගාරයේ සිටින සිරකරුවකු අත් අඩංගුවට ගැනීමට පොලිස් මූලස්ථානය පරීක්ෂණ අරඹා ඇත.
සැකකරුගේ අනියම් බිරිඳ ඔහුගේ ජංගම දුරකතනයද යොදාගනිමින් මෙම වංචාව සිදුකර ඇති අතර එම දැන්වීම අනුව බන්ධනාගාරයේ සිට ජංගම දුරකථනය ඔස්සේ පුද්ගලයින් රවටා ඇති බවත් පොලිසිය පවසයි. ත්‍රිවිධ හමුදා විශ්‍රාමිකයන් ඔවුන්ගේ ඉලක්කය වී ඇති බවත් කියති.
හිටපු හමුදා රියදුරකු වන සැකකරු යුද හමුදා විශ්‍රාමික බ්‍රිගේඩියර්වරයකු වශයෙන් පෙනී සිටිමින් ආරක්ෂක අංශ සාමාජිකයන් රවටා ඇති බවත් චිත්‍රපට සහාය අධ්‍යක්ෂකවරයකු ලෙස පෙනී සිටිමින් නළු නිළියන් රවටා ඇති බවත් පොලිසිය කියයි.

