හමුදා නිල ඇඳුම් රෙදි සමඟ අයෙක් අත්අඩංගුවට


(පාලිත ආරියවංශ )

ලුණුගල, බටාවත්තේදී කළ සෝදිසි මෙහෙයුමකදී  නාවික හා යුද හමුදා නිලඇදුම් රෙදි  3ක්  ළඟ තබාගෙන සිටි මුස්ලිම් ජාතිකයෙකු අත්අඩංගුවට ගත් බව  ඌව දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ජගත් පළිහක්කාර මහතා පැවසීය.
 
සැකකරුගේ නිවස සෝදිසියට ලක්කිරීමේදි මෙම රෙදිවලට අමතරව විදේශ ගමන් බලපත් 18 ක් සහ ජාතික හැදුනුම්පත් 7 ක්ද සොයාගෙන තිබේ.
 
 සුලෙයිමන් සියාරක් අලි නැමති 41 හැවිරිදි මෙම සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කරමින් පවතී.
 
පොලිස් විශේෂ කාර්ය බළකාය හා ලුණුගල පොලිසිය විසින් මෙම  මෙහෙයුම සිදු කර ඇත.