හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිළිගත් දේශපාලන පක්ෂ 12 ක් හා ස්වාධීන කණ්ඩායම් 05ක අපේක්ෂකයින් 170ක් මෙවර මහ මැතිවරණය සඳහා තරඟ කරන අතර හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට මන්ත්‍රිවරුන් හත් දෙනෙකු තෝරාපත් කර ගැනීමට නියමිත බව තේරිම්භාර නිළධාරී ආර්.සී.ද සොයිසා මහතා කීවේය.
තංගල්ල, මුල්ගිරිගල, බෙලිඅත්ත, තිස්සමහරාමය යන මැතිවරණ කොට්ඨාශ හතරේ ඡන්ද මධ්‍යස්ථාන 411ක දී ඡන්ද දායකයින් 462911ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සූදානමින් සිටිති.
ඡන්දය ගනන් කිරීමේ කටයුතු හම්බන්තොට සුචී ජාතික පාසලේ දී සිදුකෙරේ.එම පාසල අවට සහ දිස්ත්‍රික්කයේ සියළුම ස්ථාන ආවරණය වනසේ පොලිස් ආරක්ෂාව සලසා තිබේ.

![B9[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/B91.jpg)

![B1[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/B11.jpg)
![B3[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/B31.jpg)
![B7[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/B71.jpg)
