(සනත් ගමගේ)
ඉන්ෆ්ලුවෙන්සා රෝගය යැයි සැලකෙන රෝගින් දෛනිකව හම්බන්තොට මහ රෝහලේ ළමා වාට්ටුවේ සියයකට ආසන්න ප්‍රමාණයක් නේවාසිකව ප්‍රතිකාර ලබන අතර දිනකට ප්‍රතිකාර ගැනිම සඳහා ළමයින් පණහක් හැටක් අතර ප්‍රමාණයක් හම්බන්තොට මහ රෝහලට පැමිණෙන බව හම්බන්තොට මහ රෝහලේ රජයේ වෛද්‍ය නිළධාරි සංගමයේ හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකාරක වෛද්‍ය උපුල් ගලප්පත්ති මහතා ප්‍රකාශ කළේය.
ගලප්පත්ති මහතා මේ බව ප්‍රකාශ කළේ හම්බන්තොට මහ රෝහලේ දී මේ සම්බන්දව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පැවැති මාධ්‍ය හමුවක දීය.
දකුණු පළාතේ සීඝ්‍රයෙන් පැතිරයමින් පවතින මෙම ඉන්ෆලුවන්සා යැයි සැකකරන රෝගී තත්ත්වය හේතුවෙන් නිව්මෝනියා තත්ත්වයට පත් වි සැළකිය යුතු මරණ සංඛ්‍යාවක් දැනට සිදු වි ඇති අතර හම්බන්තොට මහ රෝහලේ මෙන්ම සෙසු රෝහල් වලද වෛද්‍ය වරුන්ගේ දැඩි කැපවීම හා ක්‍රමවත් වැඩපිළිවෙළක් සමඟ ජනතාව දිනෙන් දින දැනුවත් කිරිමේ ප්‍රතිපලයක් ලෙස තවමත් හම්බන්තොටින් මරණයක්වත් වාර්තා නොවී මේ වන විට යම් තරමකට තත්ත්වය පාලනය කරගැනීමට හැකි වී තිබෙන බව වෛද්‍ය උපුල් ගලප්පත්ති මහතා කිය.
දැනටමත් හම්බන්තොට මහ රෝහලේ ළමා වාට්ටුවේ ප්‍රමාණවත් තරම් ඇඳන් නොමැති හෙයින් රෝහලේ අනික් වාට්ටු වලින් සහයෝගයෙන් හුවමාරුකරගෙන ළමා වාට්ටුව පවත්වාගෙන යෑම සිදු කරනවා.
දෛනිකව ළමා වාට්ටුවේ ළමයින් සියයකට ආසන්න සංඛ්‍යාවක් නේවාසිකව ප්‍රතිකාර ලබන අතර තවත් පණහක් හැටක් අතර ප්‍රමාණයක් දිනපතා ප්‍රතිකාර ගැනීමට පැමිණෙනවා.
වෛද්‍යවරු දිනපතා පුන පුනා කියන්නේ මෙම රෝගී තත්ත්වය පාලනය කිරීමට නම් දින දෙකකට වඩා උණ, වමනය වැනි රෝග ලක්ෂණ ඇති වූ විට දරුවන් පාසල් හෝ පංති යැවීම දෙමාපියන් විසින් සිදු නොකර රජයේ රෝහලකින් ප්‍රතිකාර ලබා ගන්නා ලෙසටයි.
එහෙත් මෙම රෝගී තත්ත්වය ගැන අනියත බියක් ඇති කර නොගන්නා ලෙසටත් දරුවන් පාසල් යවන ලෙසටත් ඇතැම් අය ප්‍රකාශ කළේ කාගේ කොන්ත්‍රාත්තුවකටදැයි සිතිය නොහැකි බවත්.
එවැනි තත්ත්වයකින් රෝගය පාලනය කිරීමට නොහැකි වන බව ගලප්පත්ති මහතා පැවසීය.
දැනට හම්බන්තොට මහ රෝහලේ ද ඇතැම් බෙහෙත් වර්ග නැති අතර මෙම රෝගය සඳහා ලබා දෙන එන්නත රජයේ රෝහල් කිසිවෙක් දැනට නැති බවත් එය පිටතින් ගැනිමට සිදුවන බව දිගින් දිගටම මාධ්‍ය වාර්තා පවා පළවෙන බවද සඳහන් කළේය.