හර්ෂණ තුෂාර සිල්වා
චීනයේ සහාය ඇතිව මෙගාවොට් 200 ද්‍රවීකාරක ස්වභාවික ගෑස් පදනම් කරගත් බලාගාරයක් හම්බන්තොට ඉදි කෙරෙන බව සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා අද (23) පැවැසීය.
එක්සත් ජනපද ඩොලර් මිලියන 700ක (ආසන්න වශයෙන් රුපියල් කෝටි 10,850ක්) වටිනාකමක් සහිත මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවට ලැබෙන සෘජු විදෙස් ආයෝජනයක් යැයි ද අමාත්‍යවරයා කීය.
මෙම ව්‍යාපෘතිය ලබන වසරේදී ක්‍රියාවට නැංවෙන බව ද අමාත්‍යවරයා කීවේය.
“සහශ්‍රයේ සිට නව යුගයකට - ඒකාබද්ධව තීරයක් සහ මාවතක් ගොඩනගමු - ශ්‍රී ලංකා සිහිනය වැළැඳගමු” යන මැයෙන් මෙරට චීන තානාපති කාර්යාලය සංවිධානය කළ සමුළුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා එම කරුණු පැවැසීය.අමාත්‍යවරයා මෙම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ද විය.
ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙලට සක්‍රීයව සහ ක්‍රියාශීලිව සම්බන්ධ වීම සම්බන්ධයෙන් කෘතඥතාව පළ කරන බව කී අමාත්‍යවරයා ඉදිරි දශක දෙක තුනක කාලයේදී චීනය ලෝක ආර්ථික බලවතා බවට පත්වන බවත් එය කිසිවකුටත් නැවැත්විය නොහැකි බව ද කීවේය.
ඡායාරූප චතුර එස් කොඩිකාර