සනත් ගමගේ
හම්බන්තොට දී පසුගිය ඔක්තෝබර හය වැනිදා පැවැති විරෝධතාවයේදී අධිකරණ නියෝග කඩ කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීමට නියමිතව සිටි අරංවල අමිත හිමියන් (19) වීරකැටිය මැදමුලන කිංචිගුණේ ශ්‍රී බිම්බාරාම විහාරස්ථානයේ දී තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අද දහවල් අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකාර හිමිනම හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
විරෝධතාවය සිදු වු දිනයේ සැකකාර හිමිනම විරෝධතාවයේ යෙදි සිටින අයුරු විඩීයෝ දර්ශන වල ඇතැයි හම්බන්තොට මහෙස්ත්‍රාත් වරයාට දැනුම් දීමෙන් පසු මහේස්ත්‍රාත් වරයාගේ නියෝග මත සැකකාර හිමියන් අත් අඩංගුවට ගැනීමට සොයමින් සිටියේය.

