(ඉන්දිකා රාමනායක)
අධිකරණයේ තහනම් නියෝග උල්ලංඝනය කරමින් හම්බන්තොට දී විරෝධතාවයේ නිරත වු පුද්ගලයින් සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.
මාතර හා තංගල්ල බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ මෙම පරීක්ෂණ සිදුකරන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කීය.
අධිකරණ නීති උල්ලංඝනය කිරීම, පොදු දේපළවලට හානි කිරීම,පොලිස් නිලධාරීන් සිව්දෙනකුට තුවාල සිදුකිරීම, පොලිසියේ රාජකාරියට බාධා කිරීම යන කරුණු යටතේ මෙම පරීක්ෂණය සිදුකරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වල පළවු වාර්තා සහ පොලිස් නිලධාරීන් ඇසින් දුටු සාක්කි පදනම් කරගෙන මෙම පරීක්ෂණය සිදු කෙරේ.

