හම්බන්තොට වරාය සහ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ නිරීක්ෂණයට ගිය එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට එල්ල වු මැර ප්‍රහාරයට සම්බන්ධ වු හම්බන්තොට නගරාධිපතිගෙන් මෙතෙක් කට උත්තරයක් හෝ ගැනීමට පොලීසිය ක්‍රියා නොකිරීම පුදුමයට කරුණක් යැයි ජාතික නිතීඥ සංගමයේ මහ ලේකම් නිශ්ශංක නානයක්කාර මහතා පවසයි.
නිත්‍යනුකූල නොවන අයුරින් ගිනි අවියක් ළඟ තබා ගැනීම මරණ දඩුවම හෝ ජීවීතාන්තය දක්වා සිර දඬුවම් ලැබීමට තරම් වරඳක් බව 1996 අංක22 දරණ අවි ආයුධ අඥා පනතේ සඳහන්ව තිබියදීත් පිස්තෝලයක් ද රැගෙන මේ පහර දීමට පැමිණි නගරාධිපතිට එරෙහි කිසිඳු පියවරක් නොගැනීම සිද්ධිය යට ගැසීමේ උත්සාහයකියි හෙතෙම සඳහන් කරයි.

