(සනත් ගමගේ)
හම්බන්තොට ධීවර වරායේ නතරකර තිබූ බෝට්ටුවක හදිසියේ ඇති වූ ගින්නකින් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් පුද්ගලයෙකු අද (24)මිය ගිය බව හම්බන්තොට පොලිසිය කියයි.
බෝට්ටුව තුළ ගෑස් කාන්දු වී තිබී ඇතැයි ද දුම්වැටියක් දැල්වීමට යාමේදී බෝට්ටුව එක්වර ගිනිගෙන ඇතැයි ද මූලික පරීක්ෂණවලදී හෙළි වූ බව පොලිසිය කියයි.

