හම්බන්තොට ඡන්දයට ඔක්කොම හරි


හම්බන්තොට  පිළිගත් දේශපාලන පක්ෂ 12 කින් සහ ස්වාධීන කණ්ඩායම් 5 කින් අපේක්ෂකයින් 170 ක් මෙවර මහ මැතිවරණයට තරඟ කරන අතර, ඡන්ද දායකයින් හාරලක්ෂ හැට දෙදහස් නමසිය එකොළහක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබෙන බවද , මන්ත්‍රී ආසන හතක් තෝරාගැනීමට නියමිත බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ආර්.සී.ද සොයිසා මහතා කීවේය.

ඡන්ද මධ්‍යස්ථාන සහ ඡන්ද ගණන් කිරීමේ කටයුතු සඳහා දළ වශයෙන් වාහන

රියදුරන් සමඟ 6000 කට ආසන්න පිරිසක් රාජකාරීයේ යොවන බවද සඳහන් කළේය.

ආසන මට්ටමින් ඡන්ද මධ්‍යස්ථාන 411 ක් පිහිටුවා තිබේ. තංගල්ල ‍102, තිස්සමහරාමය 149,  මුල්ගිරිගල 85, බෙලිඅත්ත 75 ක් ද වශයෙනි.

මෙවරද ඡන්ද ගණන් කිරීමේ කටයුතු හම්බන්තොට සුචී ජාතික පාසලේ දී   සිදුකෙරේ.