හම්බන්තොට ගිවිසුම වැඩි ඡන්දයෙන් සම්මතයි


ආරියරත්න රණබාහු

හම්බන්තොට වරායේ වැඩකටයුතු චීන සමාගමක් සමඟ ඒකාබද්ධ කිරීමේ ගිවිසුම අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 65 කින් සම්මත විය.

ගිවිසුමට පක්ෂව ඡන්ද 72ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද හතක් පමණි.

ජනතා විමුක්ති පෙරමුණ සමඟ ඒකාබද්ධ විපක්ෂයේ ඉන්ධික අනුරුද්ධ සහ විජිත බේරගොඩ මන්ත්‍රීවරු දෙදෙනා ගිවිසුමට විරුද්ධව ඡන්දය භාවිත කළහ.

ගිවිසුමට විරුද්ධව පාර්ලිමේන්තුවේ කතා කළ දිනේෂ් ගුණවර්ධන මහතා විද්‍යුත් ක්‍රමයට ඡන්දය විමසන අවස්ථාවේ කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොතිබිණි.