හම්බන්තොට ගල්කොරි 30 ක් පරීක්ෂාවට




හම්බන්තොට දිස්ත්‍රික්කයේ  ගල් කොරි  නිසි ප්‍රමිතියෙන් යුතුව පවත්වාගෙන යෑම සිදු කරනවාද යන්න පරීක්ෂාව සඳහා භූ විද්‍යා සමීක්ෂණ  හා පතල් කාර්‍යාංශය සහ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය එක්ව පසුගියදා වැඩසටහනක් සංවිධානය කර තිබිණි.


පසුගි කාලයේදී මේ සම්බන්ධව  ලැබුණු  පැමිණිලි  සැලකිල්ලට ගනිමින් එම පරීක්ෂාව සිදු කිරීමට  ඔවුහු කටයුතු කර තිබිණි.


හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇති තෝරා ගත් ගල් කොරි 30 කට ගොස් එම ගල් කොරි හිමියන් සමඟ ඔවුන්ට  ඇති වන ගැටළු සම්බන්ධව සාකච්ඡා කළ අතර  නියමිත භූම් ප්‍රමාණයන් සහ මෙ තුළින් පරීසරයට හානි සිදුවනවාද ,එම හානිය නැති කරන්නේ කෙසේද යන්න පිළිබඳවද  ගල්කොරි හිමියන් දැනුම්වත් කිරීමටද මෙහිදි විශේෂ අවධානය යොමු කෙරිණි.


GPS තාක්ෂණය මගින් එම කොරි සඳහා අවසර ලබා දී ඇති භූමිය ඉක්මවා කැණීම් සිදුකර ඇත්ද යන්න පිළිබඳවද පරීක්ෂණයක් සිදු කළේය.


භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්‍යාංශයේ කැණීම් ඉංජිනේරු එස්.පී කුෂාන් මහතා ප්‍රධාන භූ විද්‍යාඥ එච්.ඒ.ඩී.එන්. සංජීව , ප්‍රාදේශීය කැණීම් ඉංජිනේරු එච්.කේ.එම්.ගුණසේකර , මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ පර්‍යේශණ නිළධාරී බී.ඒ.ජී.ප්‍රියාල් බමුණුසිංහ මහතා, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ එච්.කේ.යූ.හෙට්ටිආරච්චි මහතා ඇතුළු නිළධාරින් පිරිසක් මෙම පරීක්ෂාවට එක්ව සිටියහ.