හම්බන්තොට දිස්ත්‍රික්කයේ එකම දළ ඇතා ද බ්‍රහස්පතින්දා (07) රාත්‍රී ඉලුක්වැවේ දී වෙඩි තබා මරා දමා ඇතැයි වනජීවී නිලධරයෝ කියති.
ජලය සොයා ආ බව සිතිය හැකි ඇතා දිය සිඳුණු ඇලේ වෙඩි වැදී මැරී සිටි බව ඔවුහු පවසති.
ඇතාගේ දළයක් අඩි දෙක හමාරක් පමණ දිගය. දඩයක්කරුවනට දළ දෙක කපා ගැනීමට හැකි වී නැත.





