(අමල් වික්‍රමරත්න)
හබරාදුව මිහිරිපැන්න ප්‍රදේශයේදී පුද්ගලයකු තියුණු ආයුධ වලින් කපා මරාදමා ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.
මියගිය පුද්ගලයා එක්දරු පියකුවන ගුරුගේ සුරංග සම්පත් නමැති 28 හැවිරිදි පුද්ගලයෙකි. සිද්ධිය පිළිබඳව සැකපිට මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැති අතර සැකකරු හඳුනාගෙන ඇති බවත් ඝාතනය පවුල් ආරවුලක් මත සිදුවූවක් බවත් වාර්තා වී ඇතැයි කියයි.
ඝාතනය සම්බන්ධයෙන් මියගිය තැනැත්තාගේ බිරිඳගේ සොහොයුරකු සිද්ධිය පිළිබඳව සැකපිට අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.

