අමල් වික්‍රමරත්න සහ රවී ලියනගේ
හබරාදුව පොලිස් වසමේ ගිනිගල ප්‍රදේශයේ දී අද (24) දහවල් යතුරුපැදියකින් ගමන්ගත් තරුණයකු තවත් යතුරුපැදියකින් සහ ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයන් තුන්දෙනෙකු විසින් හප්පා කඩුවලින් සහ පිහිවලින් පහරදීමෙන් බරපතල කැපුම් තුවාල සහිතව ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව පොලිසිය පවසයි.
මෙම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ හබරාදුව මීපේ පදිංචි ලක්ප්‍රිය අකලංක ලොකුපිටිය (24) නැමැත්තෙකි.
පැරණි ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිසිය පවසයි.