හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයෙන් සයිනෝෆාම් කුප්පි 30ක් උස්සලා


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

රුපියල් අනූ දහසක් පමණ වටිනා සයිනොෆාම් එන්නත් කුප්පි තිහක් සොරා ගැනීමක් සම්බන්ධයෙන් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය  නිලධාරීවරයා  හබරාදුව පොලිසිය වෙත පැමිණිල්ලක් සිදුකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසයි.

එම කාර්යාලයේ රියදුරකු සහ සුළු සේවකයකු ඒ සම්බන්ධයෙන් වගකිව  යුතු බව එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කර ඇතැයි මාධ්‍ය ප්‍රකාශක වරයා කියයි.

මේ පැමිණිල්ල සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකිරීම සඳහා ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් ගාල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් පත්කර ඇති අතර හබරාදුව පොලිස් ජනාධිපතිවරයා ද පරීක්ෂණවලට සහාය දක්වනු ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය