(අනීෂා මානගේ)
හඳුනානොගත් සලඹ විශේෂයක් ස්පර්ශ වීමෙන් ඇතිවන අසාත්මිකතාවයක් හේතුවෙන් ලුණුගම්වෙහෙර රණවරනාව සහ දෙව්රම්වෙහෙර ප්‍රදේශවල ජනතාව ඉමහත් පීඩාවට පත්ව සිටිති.
හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් ලුණුගම්වෙහෙර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ දෙව්රම්වෙහෙර සහ රණවරනාව ප්‍රදේශවල මේ දිනලදී ව්‍යාප්ත වී ඇති හඳුනා නොගත් සලඹ විශේෂයක් නිසා ඇතිවන අසාත්මිකතාවයක් හේතුවෙන් එම ප්‍රදේශවල ජනතාව පීඩාවට පත්ව සිටිති.
මෙම සලඹ විශේෂය සම මත ස්පර්ශ වීමෙන් කැසීම, බිබිලි මතුවීම සහ සත්ත්වයා ස්පර්ශ වූ ස්ථාන රතු පැහැවීම ආදී රෝග ලක්ෂණ ඇතිවන බව ජනතාව පවසති. මේ හේතුවෙන් කුඩා දරුවන්ට මෙමගින් වැඩි හානියක් වී ඇතැයි ද ඔවුහු කියති. මේ දිනවලදී තරමක වියළි කාලගුණයක් පැවතීම හේතුවෙන් මෙම සලඹ විශේෂයේ ව්‍යාප්තිය වැඩි වශයෙන් සිදුවන බවද ඔවුහු පවසති.
අප මේ සම්බන්ධයෙන් හම්බන්තොට දිස්ත්‍රීක් පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක සමන් කුමාර මහතාගෙන් කළ විමසීමේදී ඔහු පැවසූයේ මෙම සලඹ විශේෂය එතරම් ප්‍රචලිත සලඹ විශේෂයක් නොවන තවමත් නිශ්චිතවම හඳුනාගෙන නොමැති සලඹ විශේෂයක් වන අතර දහවල් කාලයේදී විදුලි පහන් කණු ආශ්‍රිතව රැඳී සිටිමින් විදුලි ආලෝකය පවතිද්දී එයට සතුන් ඇදී එන බවත්ය.
සළඹයන්ගේ ශරීරයේ පවතින සියුම් කුඩු වැනි ද්‍රව්‍යයක් මිනිස් ශරීරයේ ස්පර්ශ වීමෙන් අසාත්මිකතා ඇති වන බවට හඳුනාගෙන ඇති අතර අසාත්මිකතාවයන්ට ලබා දෙන ඖෂධ මගින් එය පාලනය කළ හැකි බවද ඔහු කියයි.
කීට විද්‍යාඥයින් හරහා සලඹ විශේෂය හඳුනාගෙන එම සතුන් මර්දනය කිරීමට පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇතැයිද ඔහු කීවේය.