හලාවත මුහුදු වෙරළට ගොඩ ගසා තිබූ හඳුනා නොගත් වස්තුවක් නාවුක හමුදාව බාරයට ගෙන ඇත. 19 වැනිදා පෙරවරුවේ ප්‍රදේශයේ ධීවරයෙකු මෙය දැක පොලිසියට කියා ඇත. තවමත් ශක්‍රීය මට්ටමේ ඇති මෙය ඇතැම් විට ගුවන් යානකය කොටසක් හෝ කාලගුණය මැණීම සදහා මුහුදේ ගිල්වා තබන ලද උපකරණයක් වීමට ඉඩ ඇති බව නාවුක හමුදා නිලධාරීන් සදහන් කළේය. සිලින්ඩරාකාර හැඩයේ ඇති මෙය එක්සත් රාජධානියේ නිෂ්පාදනයක් බවට එහි සඳහන් කර ඇත.



