(විනීතා එම් ගමගේ)
බැඳුම්කර වංචාවේ චූදිතයින්ට එරෙහිව නඩු පැවරීම නීතිපතිවරයා විසින් සිදුකරනු ඇතැයි කිසිසේත්ම සිතිය නොහැකි යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අද (19) ජවිපෙ පැවති මාධ්‍ය හමුවක දී ප‍්‍රකාශ කළේය.
තමන් කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස මීට අවුරුද්දයි මාස තුනකට පෙර එනම් 2016 ඔක්තෝබර් 31 දා බැඳුම්කර පරික්ෂණ වාර්තාව යවමින් නඩු පැවරීම පිළිබඳ උපදෙස් පැතූ නමුත් මේ වනතුරුත් ඒ පිළිබඳ කිසිවක් සිදු නොවූ බව ද හෙතෙම සඳහන් කළේය.
ඒ නිසා විශේෂ අධිකරණයක් ඔස්සේ බැඳුම්කර ගනුදෙනුව හා බරපතල දුෂණ වංචා පිළිබඳ කොමිසමෙන් හෙළිවූ වංචා පිළිබඳ නඩු විභාග කළ යුතු යැයි රජයට යෝජනා කරන බව ද හඳුන්නෙත්ති මහතා කීය.
නඩු ඇසීම අවීචි මහනරකාදියට භාර නොදී තමන් සතු බලතල යටතේ සිදුකරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් පාරිලමේන්තුව රැස්වී ගතයුතු කි‍්‍රයාමාර්ග සාකච්ඡා කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා පැවැසීය.

