හඳුන්නෙත්ති ජවිපෙ මාතර සඳුන්


ජනතා විමුක්ති පෙරමුණේ මාතර දිස්ත්‍රික් නව සංවිධායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පත්කර ඇත.

හඳුන්නෙත්ති මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණ උපාධිධාරියෙකි. ඔහු අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරුවකු ලෙසද කටයුතු කර ඇත.

2000 වර්ෂයේ සිට කොළඹ දිස්ත්‍රික් ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන හඳුන්නෙත්ති මහතා පක්ෂයේ 7 වැනි ජාතික සමුළුවේදී සුනිල් හඳුන්නෙත්ති මහතා දේශපාලන මණ්ඩලයට හා මුදල් ලේකම් තනතුරටද පත්විය.