හඳ අද පොළොවට ළංවෙයි


(අමල් වික්‍රමරත්න) 
 

 
දුරුතු පොහොය යෙදෙන අද (1) වෙනත් පොහෝ දිනට වඩා චන්ද්‍රයා විශාලත්වයකින් දැකිය හැකි  දුර්ලභ අවස්ථාවක් ශ්‍රී ලාංකිකයන්ට උදාවන බව ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය පවසයි.
 
වෙනත් පොහොය දිනට වඩා චන්ද්‍රයා 14% විශාලත්වයකින් සහ වෙනත් පොහොය දිනට වඩා 30% දීප්තියකින් දිස්වන බව සඳහන් කරයි.
 
අද (1) දිනයේ කිලෝමීටර් 50000ක් පෘථිවියට ආසන්න වන චන්ද්‍රයා පෘතුවියට කිලෝමීටර් තුන්ලක්ෂ පනස් හයදහස් පන්සියය හැටපහක් දුරින් පිහිටන බව ග්‍රහලෝකාගාරය සඳහන් කරයි.
 
ශ්‍රී ලංකාවට සුපිරි සඳ දිස්වන්නේ අද (1) පස්වරුවේ සූර්යා බැසයාමත් සමඟ නැගෙනහිර ක්ෂිතිජයේ  සඳ උදාවන අවස්ථාවේ සහ හෙට (2) පසුදා අලුයම සඳ අවරට යන අවස්ථාවේ මොහොතකට පෙර බටහිර ක්ෂිතිජයේ දැක ගත හැකිබව සඳහන් කරයි.
 
මෙවැනි දුර්ලභ අවස්ථාවක් ලබන ජනවාරි 31 වැනි දා යෙදෙන නවම් පොහොය දිනයේ උදාවන බව ග්‍රහලෝකාගාරය පවසයි.
 
චන්ද්‍රයා පෘථිවියට ආසන්න වීම  නිසා ඇතිවන ගුරුත්වාකර්ෂණ බලය වැඩිවීම හේතුවෙන් මුහුදේ වඩදිය මට්ටම වැඩිවීමේ හැකියාවක් ඇතිබව නාරා ආයතන පවසයි.
 
භූමි කම්පා සහ කුණාටු තත්වයක් ඇති නොවන බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කරයි.