හනිමූන් යතොත් මෙන්න තැන්


පිටරැටියන් සිය මංගල ගමන සඳහා අට වසරක් තිස්සේ යොදා ගත් ශ්‍රී ලංකාව මෙවර දෙවැනි තැනට පත්වී ඇත.

ඉන්දියන් සාගරයේ මුර්සි දිවයින මංගල මගුල් තුලා සඳහා මුල් තැනට ද, මධුසමය සඳහා මාල දිවයින මුල් තැනට ද පත් වී ඇතැයි ජගත් සංචාරක ආයතනයක් වන ස්විට්සර්ලන්තයේ කුඕනි සමාගම කියයි.

ශ්‍රී ලංකාව ඇමෙරිකාවට ඉහළින් සිටී.

විවාහ මගුල් හා හනිමූන් සඳහා ලොව වටා හෝටල වෙන් කරවා ගැනීමේ දී වෙන් කර ගන්නා ආකාරය අනුව එම සමාගම කියනුයේ පහත සදහන් රටවල් දහය මුල් තැනට පැමිණ ඇති බවයි.

විවාහ - 1 මුරුසිරිය, 2 ශ්‍රී ලංකාව, 3 ඇමෙරිකාව, 4 ශාන්ත ලුසියා, 5 ඇන්ටිගුවා, 6 තායිලන්තය, 7 බාබඩෝස්, 8 මෙක්සිකෝ, 9 ජැමෙයිකා, 10 එක්සත් අරාබි රාජ්‍ය.

හනිමූන් - 1 මාලදිවයින, 2 ශ්‍රී ලංකාව, 3 එක්සත් අරාබි රාජ්‍ය, 4 තායිලන්තය, 5 මුරුසිය, 6 ඇමෙරිකාව, 7 ඉන්දුනීසියාව, 8 මලයාසියාව, 9 ශාන්ත ලුසියා, 10 ඉතාලිය