හන්දි කැඩෙන බෙහෙත් තොගයක් ගබඩාවක


සන්ධි වේදනා සඳහා භාවිත කරන වෙළුම් පටි, ඉලාස්ටික් ආවරණ, කොලර් යනාදී රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා පැළඳුම් තොගයක් අත් අඩංගුවට ගත් බව විලවුන් උපකරණ හා ඖෂධ අධිකාරිය කියයි. බලපත් නොලබා මේ උපකරණ ගෙන්වා ඇතැයි අධිකාරිය පවසයි.

ආනයනකරු සතු කොළඹ පිහිටි ගබඩාවක් තිබී මෙම පැළඳුම් අත් අඩංගුවට ගෙන ඇත.

මෙම පැළඳුම් මන්නාරම, පුත්තලම, යාපනය ප්‍රදේශවලට අලෙවිකර ඇති බවත් අධිකාරියට තොරතුරු ලැබී ඇත.