අජන්ත කුමාර අගලකඩ
හදිසි විදුලිය මිලදී ගැනීම් සඳහා රුපියල් කෝටි 250 ක පමණ මුදලක් ඉල්ලා විදුලිය බල හා පුණර්ජනනීය බලශක්ති අමාත්‍යංශය කැබිනට් සංදේශයක් ඉදිරිපත් කර ඇතැයි වාර්තාවේ.
පවත්නා නියං තත්ත්වයත්, අලුතින් බලාගාර ඉදි කිරීමේ ප්‍රමාදයත් හේතුවෙන් මෙසේ පෞද්ගලික අංශයෙන් විදුලිය මෙගාවොඩ් 100ක් පමණ හදිසියේ මිලදී ගැනීමට සිදුව ඇතැයි වාර්තාවේ.
විදුලිය ඒකකයක් රුපියල් 29කට පමණ මිලදී ගැනීමට යෝජනා වී ඇතැයි ද ආරංචි මාර්ග කියයි.