( කේ බුද්ධික කුමාරසිරි )
මාලබේ රත්නාරාම ප‍්‍රදේශයේ නිවෙසක් තුල දෙදෙනෙක් මිය ගොස් ඇති බවට ලැබුණු තොරතුරකට අනුව මරණ පරීක්ෂණය සදහා හදිසි මරණ පරීක්ෂකවරිය සමග එහි ගොස් පරීක්ෂා කිරීමේදී මිය ගොස් ඇතැයි සැක සිතූ එක් කාන්තාවකගේ හුස්ම වැටෙනු දැක වහා රෝහල් ගත කර ජීවිතය බේරා ගැනීමට කටයුතු කළ බව අතුරුගිරිය පොලිසිය පවසයි
මාලබේ රත්නාරාම මාර්ගයේ පස්වන පටුමගෙහි පදිංචිව සිටි හිටපු ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු සහ ඔහුගේ බිරිඳ නිවස තුලම මිය ගොස් ඇතැයි පොලිස් හදිසි ඇමතුම් අංකයට තොරතුරු ලැබී ඇත.
පසුව බොහෝ වේලාවක් ඔවුන්ට කතා කළද කිසිදු ප‍්‍රතිචාරයක් නොමැති බැවින්ද මෙම ගෙහිමියන් දින දෙකකින් පමණ නොදුටු බව අසල්වාසීන් පැවසූ නිසාවෙන් ද ඔවුන් දෙදෙනාම නිවස තුළ මිය ගොස් ඇතැයි සිතූ පොලිසිය තලංගම දකුණ හදිසි මරණ පරීක්ෂකවරිය වන පේ‍්‍රමලතා අබේවර්ධන මහත්මිය සහ නුගේගොඩ පොලිස් අපරාධ පරීක්ෂණ නිළධාරීන් කැදවාගෙන මරණ පරීක්ෂක කටයුතු සදහා නිවසේ දොරගුලු කඩා ඇතුළු වී තිබේ.
කාන්තාවගේ හුස්ම වැටෙනු දැක වහාම සුව සැරිය ගිලන් රථයක ආධාරයෙන් රෝහල් ගත කිරීමට කටයුතු කිරීම නිසාවෙන් එම කාන්තාවගේ දිවි බේරා ගැනීමට හැකි වූ බවත් හිටපු ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා මිය ගොස් සිටි බවත් පොලිසිය පවසයි

