
(සඳලංකාව-හේමලතා ඩී හේවගේ)
කුරුණෑගල මීගමුව ප්‍රධාන මාර්ගයට මුහුණලා දංකොටුව කඵවච්චිමුල්ල මන්සන්දියට ආසන්නයේ පිහිටි රූපවාහිනී යන්ත්‍ර ඇතුඵ විදුලි උපකරණ ඇඵත්වැඩියා කරන ස්ථානයක් සහ ඊට යාබද නිවස අද උදෑසන 845 ට පමණ ඇතිවූ හදිසි ගින්නකින් සම්පූර්ණයෙන්ම විනාශවී ඇති බව දංකොටුව පොලීසිය කියයි. මෙම ගින්න පැතිරීයාමෙන් නිවසේ භාණ්ඩ සහ අඵත්වැඩියා කිරීම සඳහා තිබූ විදුලි උපකරණ විශාල ප්‍රමාණයක් මුඵමනින්ම විනාශවී ඇති අතර ප්‍රදේශවාසීන් හා පොලිසිය එක්ව මෙම ගින්න මැඩපැවැත්වීමට කටයුතු කල බවද පොලීසිය පවසයි.
විදුලිය කාන්දුවීමක් නිසා මෙය සිදුවූවාද යන්න පිළිබඳව පොලීසිය සැක පහලකරන අතර සිදුවූ පාඩුව පිළිබඳව මෙතෙක් ගණන් බලා නොමැත.
දංකොටුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිළිණ හෙට්ටිආරච්චි මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් කුමාර මහතා ඇතුඵ නිලධාරිහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.





