(ඩයනා උදයංගනී)
කිසියම් ප‍්‍රදේශයක ආපදා තත්ත්වයක් මතු වී ඇති ස්ථානයන් වේ නම් ඒ බව 117 හදිසි ඇමතුම් අංකයට දැනුම් දෙන ලෙස ආපදා කළමනාකරණ අමාත්‍යාංශය දැනුම්දීමක් කරයි.
මේ අතර ආපදාවකදී සහන සැලසීම සඳහා සියලූම දිස්ත‍්‍රික් ලේකම්වරුන් වෙත රුපියල් මිලියනය බැගින් ලබා දී තිබෙන බව වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.