හතේ ඉංග්‍රීසියටත් හත


බස්නාහිර පළාත්  දෙවැනි පාසල් වාර අවසාන විභාගය සඳහා කොළඹ කලාප අධ්‍යාපන කාර්යාලයය මගින් හත ශ්‍රේණිය සිසුනට අද ලබා දුන් ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයේ හතර වැනි ප්‍රශ්නයට අදාල රූපසටහන වෙනුවට එහි මුද්‍රණය වී ඇත්තේ තද කළු පැහැ රූපයක් බවත්, 10 වැනි ප්‍රශ්නයේ සඳහන් අසා ලිවීමේ ප්‍රශ්නයේ ඉංග්‍රීසි ඡේදය ගුරුවරුනට  දී නැති බවත් ලංකා ගුරු සංගමය කියයි.