මෙවර උසස් පෙළ ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්‍රය සැකසීමේ පරීක්ෂණ මණ්ඩලයෙන් ජ්‍යෙෂ්ඨ මාහාචාර්ය ඩැනී අතපත්තු මහතා ඉවත් කිරීම සම්බන්ධයෙන් විරෝධය දක්වමින් ආර්ථික විද්‍යාව ප්‍රධාන පරීක්ෂකවරුන් ලෙස මීට පෙර කටයුතු කළ ආචාර්ය මාහාචාර්යවරුන් 39 දෙනකු විභාග කොමසාරිස් ජනරාල් වෙත ලිපියක් යවා ඇතැයි විභාග දෙපාර්තමේන්තු ආරංචිමාර්ග කියයි.
ප්‍රධාන පාලක පරීක්ෂක විශ්‍රාම ගන්නා විට හෝ ඉවත් වන විට පරීක්ෂක මණ්ඩලයෙන් දෙවන, තුන්වන සාමාජිකයටන්ගෙන් අයකු ප්‍රධාන පාලක පරීක්ෂක ලෙස පත් කර එවිට ඇතිවන පුරප්පාඩුවට ඔවුන්ගේ නිර්දේශ මත නව පරීක්ෂකවරයකු පත් කර ගැනීම මෙතෙක් කල් පැවැති සම්ප්‍රදාය බවත්, මෙවර පරීක්ෂක මණ්ඩලයේ සිටි ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් තිදෙනාම එකවර ඉවත් කර විභාග සම්ප්‍රදාය උල්ලංඝනය කර ඇති බවත් ආචාර්ය මාහාචාර්යවරුන් විසින් විභාග කොමසාරිස්ට යැවුණු ලිපියේ සඳහන්ය.
විෂය නිර්දේශ සකස් කිරීම, ගුරු අත්පොත් සැකසීම, ගුරුවරුන් පුහුණු කිරීම සහ උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම් කළ වසර 20-25 අත්දැකීම් ඇති ආචාර්ය මහාචාර්යවරුන් සැළකිය යුතු ප්‍රමාණයක් සිටිය දී මෙවර උසස් පෙළ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රය සැකසීමේ පරීක්ෂක මණ්ඩලය පත් කිරීමේ දී ඔවුන් නොසලකා හැර ඇතැයි ද එම ආචාර්ය මහාචාර්යවරු කියති.
ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් මීට පෙර අවස්ථා කිහිපයක දී දේශපාලන මැදිහත්වීම් ආවත් ඒවා සියල්ල පෙර සිටි පරීක්ෂක මණ්ඩලය ප්‍රතික්ෂේප කළ බව ද ආචාර්යවරුන් විභාග කොමසාරිස්ට දැනුම් දී ඇත.
මෙවර පත් කර ඇති පරීක්ෂක මණ්ඩලයේ වෙනසක් සිදු නොවුනහොත් 2014 උසස් පෙළ විභාග ඇගැයීම් කටයුතු වලට ප්‍රධාන පරීක්ෂකවරුන් ලෙස සහභාගී වීම පිළිබඳ නැවත සලකා බැලීමට සිදු වන බව ද ආචාර්ය මහාචාර්යවරුන් විභාග කොමසාරිස්ට දන්වා ඇත.
මේ බව දැනුම් දීමේ අරමුණ උසස් පෙළ දරුවන්ට අහිතකර බලපෑමක් ඇති වන සේ විභාග කටුයුතු අඩපන කිරීම නොව දේශපාලකයන් විභාග කටුයුතුවලට අත්තනෝමතිකව මැදිහත්වීම හෙළා දැකීම හා විභාග දෙපාර්තමේන්තුවෙන් සිදු කරන ලද වරද නිවැරදි කිරීමීමට සහාය වීම බවත් එම ලිපියේ සඳහන්ය.
2013 වසර දක්වා ආර්ථික විද්‍යාව ප්‍රධාන පරීක්ෂකවරු ලෙස කටයුතු කළ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් 50කට ආසන්න ප්‍රමාණයකින් 39 දෙනකු එම ලිපියේ අත්සන් තබා ඇත.

