හතර දෙනෙක් අලියා පිටින් බිමට වැටේ


හබරණ අලි සෆාරි යන්නට ගිය විදේශීය සංචාරකයෝ හතර දෙනෙක් අලියාගේ පිටේ යද්දී ඇද වැටී දඹුල්ල රෝහලට ඇතුළත් කරනු ලැබූහ.

අලියා මත බැඳ තැබූ යකඩ රඳවනය ගැලවී යාම හේතුවෙන් අලියා කුලප්පු වී සංචාරකයන් ඇද වැටී ඇත.

දඹුල්ල රෝහලේ ප්‍රකාශකයකු පැවසුවේ එක් අයකුගේ පාදයක් කැඩී ඇති බවයි. තුන් දෙනකු ප්‍රතිකාර ලබා පටවී ගියහ.