හජ්ජි උත්සවය ගාලු මුවදොරදී


 

ලොව පුරා ඉස්ලාම් බැතිමත්හු අද (24) හජ්ජි උත්සවය සැමරීමට එක්වූහ. මහමද් නබි තුමන්ගේ ඉස්ලාම් ධර්මය ලෝ වැසියන් ඉදිරියේ තැබූ දිනය ලෙස හජ්ජි දිනය ඉතිහාසයට එක්වේ.

ශ්‍රී ලංකා මේමන් සංගමය සංවිධානය කළ කොළඹ ප්‍රධාන හජ් යාඥා මෙහෙය කොළඹ ගාලු මුවදොර පිටියේදී අද පෙරවරුවේ පැවැත්විණි.

හෆීස් මොහොමඩ් මොෂීන් රාෆීක් පූජකගේ ප්‍රධානත්වයෙන් යාඥා මෙහෙය පැවැත්විණි.

ඉස්ලාම් බැතිමත්හු විශාල පිරිසක් ඊට එක්වූහ.

Hajji_20159240 Hajji_20159242 Hajji_20159243 Hajji_20159244 Hajji_20159245 Hajji_20159246 Hajji_20159247 Hajji_20159248