නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් අද (7) සාධාරණ සමාජයක් සඳහාවූ ජාතික ව්‍යාපාරයේ නායක මාදුළුවාවේ සෝභිත හිමියන් මුණ ගැසීමට කෝට්ටේ නාග විහාරයට ගියේය.
දැනට පවතින වී ගැටළුව, අධ්‍යාපන ගැටළු ආදිය සම්බන්ධයෙන් සෝභිත හිමියෝ සහ ඇමැතිවරයා සාකච්ඡාවල නිරත වූහ.




