හක්බෙල්ලන් ළඟ තබාගත් කාන්තාවක් ඇතුළු තුනක් අල්ලයි


( රොමේෂ් මධුෂංඛ)

මන්නාරම එරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේ නිවසක සඟවාගෙන සිටි හක්බෙල්ලන් 30,000 කට අධික ප්‍රමාණයක් අනවසරයෙන් ළඟතබාගැනීම හේතුවෙන් කාන්තාවක් ඇතුලු තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව මන්නාරම පොලිස් අපරාධ විමර්ශන අංශය පවසයි.

නාවික හමුදාවට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව ඒ් පිළිබඳව පොලීසියට දැනුම් දී ඇති අතර පසුව පොලිස් අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් එරුක්කලන්පිඩ්ඩි ප්‍රදේශයේ නිවසක් වටලා සෝදිසි කිරීම සිදුකොට ඇත.

ඒහිදී හක්බෙල්ලන් නිවස තුල සහ පිටත අනවසරයෙන් හක්බෙල්ලන් 30,000 ලඟතබාගෙන සිටියදී නිවසේ හිමිකාර කාන්තාව ඇතුලු තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය පියවර ගනු ලැබීය.