හක්ක පටස් කා තුවාල සිදුවී ආහාර ගැනීමට නොහැකිව සිටි අලියකු සීගිරිය රන්ගිරිගම ප්‍රදේශයේදී මියගොස් සිටියදී අද (24) සොයාගත් බව සිගිරිය වනජීවී කාර්යාලය කියයි. අවුරුදු 15ක් පමණ වයසැති අලියා සිගිරිය දඹුල්ල ප්‍රධාන මාර්ගය අසල මිය ගොස් සිටි බව කියති.
පසුගිය 23 වැනිදා එම අලියා වනජීවී නිලධාරීන්ට හමුවී ප්‍රතිකාර කිරීමට සුදානම් කර සිටියදී මියගොස් ඇතැයිද සිගිරිය අභය භූමියට අයත් ප්‍රදේශවල වගාවන් කරන ඇතැම් පිරිස් වට්ටක්කා ගෙඩි වලට හක්ක පටස් මැදි කර තබන බවද වනජීවී නිලධරයෝ කියති.

