හංසයා තනියම එයි


පසුගිය ජනාධිපතිවරණ දෙකෙහිම ප‍්‍රධාන දේශපාලන පක්‍ෂයක් වූ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ මෙවර මහ මැතිවරණය සදහා වෙනම තරග කරන බව එහි මහලේකම් ශාමිලා පෙරේරා මහත්මිය පැවසුවාය.

පසුගිය ජනාධිපතිවරණයේ දී මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙන්ම 2010 ජනාධිපතිවරණයේ දී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා තරග කළේද මෙම පක්‍ෂයෙනි.

මැතිවරණ කොමසාරිස් හමුවී තම පක්‍ෂය තරග කරන බව තහවුරු කළ බව ද පෙරේරා මහත්මිය සඳහන් කළාය.