මුහුණු ආවරණය කරගෙන යතුරු පැදි දෙකකින් පැමිණි කොල්ලකරුවන් සිව් දෙනකු මුරකරුට වෙඩි තබා හංවැල්ලේ රාජ්‍ය බැංකුවක් කොල්ලකා එක් යතුරුපැදියකින් පළා ගිය බව පොලිසිය කියයි.
රුපියල් ලක්ෂ 15ත් 20ත් අතර මුදලක් පැහැර ගන්නට ඇතැයි සැක කෙරේ.
කොල්ලකරුවන් අත ටී 56 අවි 3ක් තිබූ බවත්, ඔවුන් පැමිණි එක් යතුරු පැදියක් දමා ගොස් ඇති බවත්, එහි ඇත්තේ බොරු අංකයක් බවත් පොලිසිය පවසයි.
ආරක්ෂකයාගේ තුවක්කුව උදුරා බැංකුව ඉදිරිපිට කාණුවට දමා ඇතැයි ද, එකම යතුරු පැදියෙන් පැන ගිය සිව් දෙනා මගදී යතුරු පැදියක් පැහැරගෙන ටික දුරක් ගොස් එය අතහැර ත්‍රිරෝද රියක් පැහැරගෙන ගොස් ඇතැයි ද, එම යතුරුපැදිය හා හෙල්මට් දෙක සොයාගෙන ඇතැයි ද පොලිසිය කියයි.
(ඡායාරූප බුද්ධික කුමාරසිරි)




