(ඉන්දිකා රාමනායක සහ නිමන්ති රණසිංහ)
හංවැල්ල ප්‍රදේශයේ කුලී නිවෙසක පදිංචිව සිටි කට්ටඬියකුගේ මළ සිරුර කැලණි ගඟේ නවගමු ප්‍රදේශයේ පාවෙමින් තිබියදී සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මියගොස් ඇති පුද්ගලයා හල්දුම්මුල්ල ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවකු වූ (54) පුද්ගලයකු බව ද පොලිසිය කියයි.
මියගිය පුද්ගලයාගේ දැත් පිටුපසට සිටින සේ දම්වැලකින් බැඳ දමා ඇතැයි ද පොලිසිය කියයි.
මෙම පුද්ගලයා දැනට වසරකට පමණ පෙර සිය අනියම් බිරිද සමග රණාල ප්‍රදේශයේ කුලී නිවසක ජීවත් වී ඇති බව පොලිසිය සඳහන් කරයි.
කිසියම් පිරිසක් මොහුගේ නිවසට පැමිණ ඉකුත් (23 ) වැනි දින රාත්‍රි 10.00 ට පමණ පැහැරගෙන ගොස් ඇති බවත් අද දින ඔහුගේ මළ සිරුර කැලණි ගඟේ පාවෙමින් තිබියදී සොයා ගත් බවත් පොලිසිය සඳහන් කරයි.
හංවැල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

