සෞදි හාම්පුතාගේ අන්තිම කැමැත්තෙන් ශ්‍රී ලාංකිකයකුටත් කොටසක්


අජිත්ලාල් ශාන්තඋදය
 
මීට වසර විස්සකට පෙර සෞදි අරාබියේ සේවය කළ ශ‍්‍රී ලාංකිකයෙකුට ඔහු සේවය කළ හාම්පුතා සිය අන්තිම කැමැත්ත අනුව හිමි මුදල් ලබාදීමට එම ශ‍්‍රී ලාංකිකයාගේ තොරතුරු ලබාදෙන ලෙස අන්තිම කැමති පත‍්‍රය ලියූ සෞදි හාම්පුතාගේ පුත‍්‍රයා රියාද් තානාපති කාර්යාලයේ සහාය ඉල්ලා ඇතිබව ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
 

වසර විස්සකට පෙර මොහොමඞ් සිසාන් හමීඞ් ලෙබ්බේ යන අය මෙම අන්තිම කැමති පත‍්‍රයේ ලැබුම්කරුවා බවට නම්කර තිබේ. ඔහු සම්බන්‍ධයෙන් වෙනත් කිසිදු තොරතුරක් සෞදි හාම්පුතුන් සතුව නොමැති අතර වසර විස්සකට පෙර ගත් ඡයාරූපයක් ද නිවේදනය සමඟ එවා ඇත.
 
මොහොමඞ් සිසාන් හමීඞ් ලෙබ්බේ යන අය සම්බන්ධයෙන් යම් තොරතුරක් දන්නේ නම් ශ‍්‍රීලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 011 356 0912  011 286 4100 දරණ දුරකතන අංකයට දැනුම් දෙන ලෙස කාර්යාංශය මහජතාවගෙන් ඉල්ලීමක් කරයි.