සෞදි අරාබියේ පොදු සමා කාලය අවසන් කළ නොවැම්බර් මස 3 වැනි දිනෙන් පසු ආරක්ෂක බලධාරීන් විසින් කැරැණු පළමු මෙහෙයුමේදී (4 වැනි දින) නීති විරෝධී සංක‍්‍රමණිකයින් දහස් ගණනින් අත්අඩංගුවට ගත් බව සෞදි පුවත්පත් කියයි.
වාර්තා කරන අන්දමට සෞදි අරාබියේ ජෙඩා කලාපයේදී පමණක් ඊයේ (4 වැනි දින)අත්අඩංගුවට ගත් නීති විරෝධී සංක‍්‍රමණිකයින්ගේ ප‍්‍රමාණය 1889ක් බව පවසන අතර, සමිටා ප‍්‍රදේශයෙන් 2200ක් ද, ඇල් කොබාර් නැගෙනහිර කලාපයෙන් 379ක් ද, අල් බහා ඊයේ 208 දෙනෙක් ද, තබුත් ප‍්‍රදේශයෙන් 150 දෙනෙක් ද යන්බු ප‍්‍රදේශයෙන් 85 දෙනෙක් ද හපිරල් ප‍්‍රදේශයෙන් 80 දෙනෙක් ද වශයෙන් අත්අඩංගුවට ගත් බව පුවත්පත පවසයි.
ජෙඩා පොලිස් ප‍්‍රධානී මේජර් ජනරාල් අබ්දුල්ලා අල් කනාති මාධ්‍ය සමඟ පැවසුයේ පසුගිය 4 වැනි දින සිට විවිධ ප‍්‍රදේශවල සැඟවී සිටින නීති විරෝධී රැඳී සිටින්නන් අත්අඩංගුවට ගැනීම සඳහා විශාල මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි.
මෙම මෙහෙයුම සඳහා සියලූම ආරක්ෂක අංශ සම්බන්ධීකරණය කරමින් විශාල බලකායක් විවිධ ගම් දනව්, නගර සහ අධිවේගී මාර්ග පරීක්ෂාවට යොදවා ඇති බව පවසයි.