සෞදි වැන්දඹුවයි ලක් රියැදුරයි තහනම් ගෙඩි කයි


ශ්‍රී ලංකා රියැදුරකුගෙන් ගැබ් ගත් සෞදියේ වැන්දඹු කතක් එරට ආගමික පොලිසියෙන් අත්අඩංගුවට ගත් බව සෞදි පුවත්පතක් කියයි. ගුණධර්ම වර්ධනය කිරීමේ හා දුසිරිත් මැඞීමේ කෝමිසම මේ ගැහැනිය හා ලාංකික රියැදුරා නැගෙනහිර සෞදි අරාබියේ ”ඊෂා” පළාතේදී අත්අඩංගුවට ගත් බවත්, මාස හතරක් තිස්සේ ලාංකිකයා සමග අඹුසැමියන් ලෙස ජීවත් වූ බවත් ඇය පවසා ඇත. එම වැන්දඹුවගේ නිරුවත් පින්තූර රියැදුරාගේ ජංගම දුරකථනයේ තුබූ බව ද එම පුවත්පත පවසයි.